අලි පැටවුන් බැලීමට ඇමති පින්නවල යයි


පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ "සුරංගි" ඇතින්නට උපන් නිවුන් පැටවුන් දෙදෙනා බැලීමට වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගොස් තිබේ.

එම පැටවුන් දෙදෙනාට “සජ්ජන” සහ “දිසා”  ලෙස නම් තබා ඇත.

පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ පවතින අඩුපාඩු සහ වැඩකටයුතු සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් ද පැවති අතර  ඉන් අනතුරුව පැටවුන් දෙදෙනා බැලීමට අමාත්‍යවරයා පැමිණියේය.



Recommended Articles