අලි පාසල් එති - ළමයි ගෙදර යති


කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සේරැ නුවර ⁣කොට්ඨාසයේ පිහිටි සෝමපුර ආදර්ශ විද්‍යාලය⁣ට ඊයේ (10දා) රාත්‍රි වල් අලි පැන ප්‍රාථමික පංති පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ලකට පහරදි හානි සිදුකර ඇතැයි සේරැ නුවර පොලිසිය කියයි.

එම ගොඩනැගිල්ලේ බිත්ති වලට දොරට හා ආරක්ෂිත කම්බි දැලට මෙලෙස හානි කර ඇති අතර මේ හේතුවෙන් සිසුන්ගේ නිර්මාණවලට මෙන්ම සිසුන්ගේ උපකරණ වලටද හානි සිදුවි තිබේ.

 විදුහල්පති ඉෂාර මංජුල ප්‍රියන්ත මහතා පවසන්නේ හානිවු ගොඩනැගිල්ලේ පංති පවත්වාගෙන යැම අවධානම් බවයි.මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්යාලය හා වන ජිවි දෙපාර්තමේන්තුව දැනුවත් කල බවද විදුහල්පතිවරයා වැඩිදුරටත් කීහ.

චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව



Recommended Articles