අලි කමේනිගේ බිරිඳත් ඝාතනය වෙලා


ඇමෙරිකානු හා ඊශ්‍රා යෙල ඒකාබද්ධ ප්‍රහාරවලින් මියගිය ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන 
මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ ද ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකාව 
තහවුරු කර තිබේ.

බගර්සාඩේ කෝමා තත්වයේ පසුවන බව ඉරාන මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණි. මීට පෙර, කමේනිගේ දියණිය,
 මුණුබුරා සහ බෑණා ඝාතනය කර ඇති බව ඉරාන මාධ්‍ය පවසා තිබුණි.

කමේනි සහ ඔහුගේ බිරිඳට දරුවන් හය දෙනෙක් එනම් පුතුන් හතර දෙනෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටියහ.



Recommended Articles