අලි ඇතුන් ඝාතනය කරන අයට මරණ දඩුවම දෙන්න


අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට නම් අලි ඇතින් ඝාතනය කරන පුද්ගලයන්ට මරණ දඩුවම ලබා දිය යුතු බව වනවාසී රාහුල හිමියෝ පැවැසූහ. එසේම පසුගිය ආණ්ඩුවලට මෙන්ම වත්මන් ආණ්ඩුවටද අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් නොමැති බව උන්වහන්සේ පැවැසූහ.

"අලි - ඇතුන් ආරක්ෂා කර ගැනීමට නිසි වැඩපිළිවෙලක් මේ ගොල්ල ලඟත් නෑ, පහුගිය කාළයේ තිබුණෙත් නෑ, ඒ නිසා ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ වනජීවී ආඥාපනත සංශෝධනය කරලා කාලීන වශයෙන් නීතී දැඩි කරලා අලි මරණ මිනිසුන්ට නීතී දැඩි කරලා, අඩුම තරමේ මරණ දණ්ඩනය හරි දෙන්න නීතී සංශෝධනය කරලා වැඩපිළිවෙලක් කිරීමට අවශ්‍යයි.

ලාල් කාන්ත ඇමතිතුමා තමන්ගේ ගොවි බිමට ආවම ඕනෑම සතෙකුට ඕනෑම දෙයක් කරන්න කියලා, මරන්න කියන කාරණාව පැහැදිලිවම එතුමා කියලා තිබුණා පාර්ලිමේන්තුවේ, ඒක මම හිතන්නේ ඉතාමත් බොළඳ ප්‍රකාශයක් හැටියට.වගකිවයුතු, වගකීමක් භාර කෘෂිකර්ම ඇමතිවරයා හැටියට එවැනි දෙයක් ප්‍රකාශ කිරීම කාලෝචිත නෑ,ඒ වගේ මෝඩ ප්‍රකාශ වලට  මුළා වෙන්න එපා කියලත් මම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා" යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ, අද (23) පෙරවරුවේ ජාතික නාමල් උයන පරිශ්‍රෙය් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

 



Recommended Articles