අලාභ ලබන ඇතැම් රජයේ ව්‍යාපාර වසා දමන්න වෙනවා


අලාභ ලබන රජයේ ඇතැම් ව්‍යාපාර වසා දැමීමට හෝ වෙනත්  ප්‍රතිකර්ම ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතුව ඇතැයි  අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. 
එසේ සිදු නොවුණහොත් රට තවදුරටත්  පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්වෙනු ඇතැයිද ඔහු පැවැසීය.

“ගිය වසරේ රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 1268යි. එයින් රාජ්‍ය සේවක වැටුප හා විශ්‍රාම වැටුප පමණක් බිලියන 1115ක් ගෙවිය  යුතු වුණා. අනෙක් සියලු දේ වෙනුවෙන් ඉතිරිවුණේ බිලියන 153යි. ගත්ත ණයවලට පොලී විතරක් ගෙවන්නතිබෙනවා බිලියන 1000කට වැඩියි. ”

 



Recommended Articles