අල්ලස් ගත් සෞඛ්‍ය නිලධාරියෙකු අත්අඩංගුවට


කෝට්ටේ මහනගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ රුපියල් 10,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදීය.

නාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන නිලධාරින් ඊයේ (03) සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.

 



Recommended Articles