අල්ලස් ගත් පොලිස් නිලධාරීන් 10ක් මාස 6කදී අත්අඩංගුවට


මේ වසරේ පළමු මාස 06 ක කාලය තුලදි පොලිස් පරික්ෂකවරයෙක්, උපපොලිස්පරික්ෂකවරයෙක්, සැරයන්වරුන් 06 ක් කොස්තාපල්වරුන් 02 ක් ඇතුළුව පොලිස් නිලධාරින් 10 ක් අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ  වසරේ ජනවාරි 01 වන දින සිට සිට ජුනි මස 30 වනදා දක්වා ගෙවිගිය මාස 06 ක කාලය තුලදි  පැමිණිලි තුන් දහස්  විසි දෙකක් ( 3022) ලැබී ඇති බව අල්ලස් කොමිෂම සදහන් කරයි.

.මේ වසර ආරම්භ වන විට පසුගිය වසරේදි   ඉතිරිව ඇති පැමිණිලි 240 ක් ද තිබු බවත් සඳහන් කරයි.

මෙම කාලය තුලදි  වැටලිම් පනස්  හතරක් සිදුකර තිබෙන අතර  වැටලිම්වලදි සැකකරුවන් තිස් හතරක් අත්අඩංගුවට තිබේ

ලැබි තිබෙන  පැමිණිලිවලින්  249ක් විමර්ශනයට නියෝග කර ඇති අතර ප්‍රමාණවත් කරුණු නොතිබීම හා පනතට අදාළ නොවීම යන කරුණු මත පැමිණිලි 701ක් විමර්ශනය නොකිරීමට තීරණය කර ඇත.

පැමිණිලි 379ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් මේ වසරේ ගත වූ මාසය 06ට අදාළව නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දැක්වේ.

වැටලිම්වලදි අත්අඩංගුවට ගත් පිරිස් සැලකිමේදි විදුහල්පතිවරයෙක් පොලිස් පරික්ෂකවරයෙක් උපපොලිස්පරික වරයෙක්  සැරයන්වරුන් 06 ක් කොස්තාපල්වරුන් 02 ක් ඇතුළුව පොලිස් නිලධාරින් 10 ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර  කම්කරු නිලධාරියෙකු සිවිල් පුද්ලයින් 06 ක් ආගමන විගමන  දෙපාර්තමෙන්තුවේ බලයලත් නිලධාරියෙකු  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දෙදෙනකු  සංවර්ධන නිලධාරියෙක්  ග්‍රාම නිලධාරවරයෙකු ඇතුල රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු ඇතුලත්ව  සිටි

 

ගතවූ මාස 06 තුළ 

1.

මේ අනුව  මහේස්ත්‍රාත් අධිකරණවල නඩු 22 ක්  මහාධිකරණයේ නඩු 250 ක්  ත්‍රි පුද්ගල මහාධිකරණයේ නඩුවක් වශයෙන් විභාග වේ

මෙම කාලය තුලදි පුද්ගලයින් 24 ක් වරදකරුවන් වි තිබෙන අතර එම පිරිස් අතර හිටපු අමාත්‍යවරයෙකු, සතොස හිටපු සභාපතිවරයෙකු, පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු, ඇතුළු 24 දෙනෙකු වරදකරුවන් බවට පත්ව තිබේ.

 

 



Recommended Articles