අල්ලස් ගත් පොලිස් කොස්තාපල් දෙදෙනා පොලීසියෙන් නෙරපයි


 රථවාහන නඩුවක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් රියදුරු   බලපත්‍රයක් නැවත හිමිකරු වෙත ලබා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10000/= අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ඉත්තෑපාන පොලිසියේ පොලිස්  කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් එලෙස වැඩ තහනම්  කර ඇත්තේ පොලිස් කොස්තාපල් 36168  එස් එම් හේවගේ හා 102636  එම් ඒ ඊ ටි මඩුගල්ල යන දෙදෙනාගේය.

සැකකාර  මඩුගල්ල නිලධාරියා  සැකකාර හේවගේ නිලධාරියා සමග  රථවාහන රාජකාරියේ යෙදී සිටියදී රථවාහන නඩුවක් සම්බන්ධයෙන් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත හිමිකරු වෙත ලබා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10000/= ක මුදලක් ඉල්ලා පොලිස් කොස්තාපල් හේවගේ නිලධාරියාට එම මුදල ලබා ගැනීමට අනුබල දීමේ චෝදනාවට හා හේවගේ නිලධාරියා එම මුදල ලබා ගැනීමේ චෝදනාව මත  ඉකුත්  26  වැනි දින  ඉත්තෑ පාන පොලිසි ස්ථානයේ රථවාහන අංශයේ දි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඉකුත් (26) වෙනිදින  අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන මස 12 වෙනිදින   රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි .

එම නිලධාරීන් දෙදෙනාගේ විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් 27 වෙනි දින සිට  වැඩ තහනම කළ බව  පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි .



Recommended Articles