අල්ලස් ගත් උපපොලිස් පරික්ෂක අත්අඩංගුවට


බණ්ඩාරවෙල විශේෂ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් ලබාගැනීමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (06) දින විභාග වෙමින් පැවති නඩුවක පැමිණිලිකරුගෙන් ලක්ෂ 3ක අල්ලස් මුදලක් වැලිමඩ උසාවි සංකීර්ණය තුළදී ලබා ගැනීමේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරුව කෑගල්ලේ උසාවියේ විභාගවන නඩුවකින් මුදා හැරීමට සහ අද විභාග වන නඩුවේ රජයේ සාක්ෂිකරුවෙක් කර මුදාහැරීම යන කරුණු සඳහා උප පොලිස්පරීක්ෂකවරයා එම අල්ලස ලබා ගෙන ඇතැයි වාර්තා වේ.



Recommended Articles