අලව්ව තොග වෙළඳසැල ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයන් 23ක්


අලව්ව නගරයේ ප්‍රසිද්ධ තොග සහ සිල්ලර වෙළඳසැල්  දෙකක සේවකයින් 19 දෙනෙකු පසුගිය  දා කොවිඩ් ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ගෙන් කළ පී.සී.අර් පරීක්ෂණයෙන් පසු තවත්  23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව අලව්ව  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසයි.

මෙම තොග වෙළෙඳ සැල සමග  නිතරම ගණුදෙනු කරන පුද්ගලයකු කොවිඩ් ආසාදිත වීමෙන් අනතුරුව එම වෙළෙඳ සැලේ හිමිකරුන් ඇතුළු  සේවකයන් හට කළ පී.සී.ආර් පරීක්ෂණවලදී පසුගිය 18 වැනිදා මෙම ආසාදිතයින් 19 දෙනා හඳුනාගෙන තිබූ අතර මේ අද වන විට  එම තොග වෙළඳසැල ආශ්‍රිතව වාර්තා වන කොවිඩ්  ආසාදිතයින් ගණන 42 ක් බව අලව්ව සෞඛ්‍ය නිලධාරීන්  පැවසීය  .

 

 

 

 



Recommended Articles