අලංකාරයට ගංජා වගා කළ කාන්තාවක් පැළ 06ක් සමග මාට්ටූ


යක්කල පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ ග්‍රාමයෙහි දෙමහල් නිවසක උඩුමහලේ නොපෙනෙන ස්ථානයක වගා කොට තිබූ ගංජා පැල සහිත පෝච්චි හයක් සමග 56 හැවිරිදි කාන්තාවක් , යක්කල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 

පොලීසියට ලද තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කොට ඇති අතර සැකකාර කාන්තාවගෙන් ප්‍රශ්ණ කිරීමේදී , අලංකාරය පිනිස මෙලෙස ගංජා පැල වගා කළ බව ප්‍රකාශ කළේ යැයි පොලීසිය පවසයි. 

ගම්පහ තිලකරත්න දිසානායක



Recommended Articles