අරුණට එරෙහි විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු සභාගත කරන්න


ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට පදනම් වූ වාර්තා සභාගත කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද(23දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඒ අනුව, ලේකම් මණ්ඩල වාර්තා සහ නීතිපති වාර්තාව ඇතුළු ඊට හේතු වූ කාරණා සභාගත කරන ලෙස විපක්ෂනායකවරයා මෙහිදී ඉල්ලීමක් කළේය. 



Recommended Articles