අරාබි එමිරයේ සිට 9වැනි ආධාරක ගුවන් යානයත් එයි


එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් මෙරටට ආපදා ආධාර වශයෙන් ලබා දුන් 09 වන ආධාර රැගත් , එරට ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය 12/07 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ඉලුෂියන් අයි.එල්.- 76 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ එය , 12/07 දින පස්වරු 04.47 ට අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 13,482 ක් බරැති කූඩාරම් සහ ගමන් මලු තොගයක් තිබුණි .ඒවා භාර ගැනීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



Recommended Articles