අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10දෙනාට එරෙහිව සිතාසි


බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනාට ලබන ජුලි මස 19 වන දින ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනි සිටින්නැයි එම මහාධිකරණය විත්තිකරුවන්ට එරෙහිව සිතාසි නිකුත් කළේය.

එදින විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා භාර දීමට නියමිත බව නීතිපතිගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවාය.



Recommended Articles