අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාල​යේ 92කට කෝව්ඩ්


පොලොන්නරුව, අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ සාමාජික සාමාජිකාවන් 92 ක් කොරෝනා ආසාදිතයින් බව අද (10) වාර්තාවූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.

.ඒ අනුව අරගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි පොලීසියේ 150 දෙනෙකු අතුරින් 97 දෙනෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට පී.සී.ආර්. පරීක්‍ෂණවලින් තහවුරු කර ගෙන අතැයිද ඉතිරි අයගේ පී.සී.ආර්. වාර්තා ලැබීමට නියමිතව තිබෙන බවත් මීට පෙර එම නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් 05 දෙනෙකු වාර්තාවී තිබේ. දැනට හඳුනාගෙන සිටින රෝගීන් සියළුම දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව විශේඥ වෛද්‍ය කුමාරවංශ මහතා කීය.

හිගුරක්ගොඩ--ප්‍රියා



Recommended Articles