අරක්කු Online විකිණීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය


අන්තර්ජාලය හරහා ලැබෙන ඇණවුම් මගින් පාරිභෝගිකයන් වෙත මත්පැන් අලෙවි කිරීම සදහා ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් හා තෝරාගත් තැබෑරුම් වෙත අවසරය දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ සුරා බදු දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශයේ කළ ඉල්ලීමක් අනුවය. කෙසේ වෙතත් මෙම තීරණය ක්‍රියාත්මක කිරිම සඳහා කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජනපති කාර්ය සාධක බලකායේ අනුමැතිය ලබා ගැනීමටද සිදුවෙයි.

ඒ සඳහාද අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වෙයි. මාසයකට ආසන්න කාලයක් මත්පැන් හල් වසා තැබීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 1500ක් බවට ගණන් බලා තිබේ.



Recommended Articles