අයිස් හා හසීස් සමග අයෙක් අත්අඩංගුවට


අයිස් (මෙත්ඇම්පිටමයින් ක්‍රිස්ටල්) මත්ද්‍රව්‍ය කිලෝ 2.036ක් හසීස් මත්ද්‍රව්‍ය කිලෝ 1.06ක් සමග යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 35ක් වන කොළඹ 15 පදිංචි රාජ් ගෝපාල් සිවනන්දන් නම් වෙයි.

පොලිස් සංවිධාතාන්මත අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් වැල්ලවත්තේදී ඊයේ (28දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු අද (29දා) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 



Recommended Articles