අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සුරා බදු කොස්තාපල් අත්අඩංගුවට


රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුත් අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමග සුරාබදු කොස්තාපල්වරයකු ගුවන් හමුදා බුද්ධි අංශ හා පුත්තලම කොඨඨාශ දුෂණ මර්දන අංශය එක්ව කළ වැටලීමකදී අද (23දා) අලුයම අත්අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගත් සුරාබදු කොස්තාපල්වරයා අනුරාධපුර  සුරා බදු කාර් යාලයේ කොස්තාපල්වරයෙකි.

සුරා බදු කොස්තාපල් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්ස් 150 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගත් සුරා බදු කොස්තාපල්වරයා මෙම අයිස් මත්ද්‍රව්‍ය මිලදි ගැනීමට පැමිණි වෑන් රථය සමග කාන්තාවන් පස් දෙනෙකු,තරුණයින් දෙදෙනෙකුද හා  කුඩා දරුවකුද අත් අඩංගුවට ගත් බව කියයි.

අත් අඩංගුවට ගත් පිරිස අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ පදිංචි කරුවන් බව වෙයි.

ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් මත පුත්තලම කොඨඨාශ දුෂණ මර්දන අංශයේ නිළධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම වැටලිම සිදුවන අවස්ථාවේදි සුරාබදු කොස්තාපල්වරයාට අයිස් මත් ද්‍රව්‍ය ලබා දුන් බවට හඳුනාගෙන ඇති පුත්තලම සුරා බදු කාර්යාලයේ සුරා බදු පරික්ෂකවරයා සුඛෝපභෝගි  මෝටර් රථයෙන් පළා ගොස් ඇති බව කියයි.

 



Recommended Articles