අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් අත්අඩංගුවට


පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ජා ඇලදි සිදුකළ මෙහෙයුමකදී අයිස් නැමැති කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සැකකරුවන් 6ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

“ජා ඇල නවන්දම ප්‍රදේශයේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් විසින් විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලැබුවා.

මෙහිදී අයිස් නැමැති කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සොයාගනු ලැබුවා. මේ පිළිබඳව සැකකාරියන් 2ක් හා සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත සැකකරුවන් ගෙනවිත් තබෙනවා. ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙම වැටලීම සිදුකරනු ලැබුවා.”



Recommended Articles