අයිස් කිලෝ 2.9 ක් සමග මොහොමඩ් හසාන් අත්අඩංගුවට


ඉන්දියාවේ චෙන්නායි නුවර සිටි ශ්‍රී ලංකාවට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2.901ක් රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වතතල ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 68ක් වන මොහොමඩ් හසාන් මොහොමඩ් අක්රම් නැමැති පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුළක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගැනිමට  නියමිත අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතව තිබේ.

 



Recommended Articles