අයියගේ රියදුරු බලපත්‍රයෙන් බයික් පැද්ද මල්ලි අත්අඩංගුවට


වැඩිමහල් සොහොයුරාගේ රියදුරු බලපත්‍රය අවභාවිතා කරමින් වාහන පැදවූ බාල සොහොයුරකු අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි 21 හැව්රිදි තරුණයකු බව පොලිසිය කීය.

පානදුර වලාන ප්‍රදේශයේ දී  කොළඹ දෙසට ගමන්ගත් යතුරුපැදිය නවතා පරීක්ෂා කර , රථවාහන නිළධාරීන්ට සැකසිතී වැඩිදුර පරීක්ෂා කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

ඡායාරූප වලට අනුව දෙදෙනාගේම රුව එක හා සමාන බවත් , රථවාහන නිළධාරීන් ගේ නිරීක්ෂණය නිසාම සැකකරු කොටුව ඇති බවත් උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්

 



Recommended Articles