අයි රෝඩ් ඉක්මන් වැඩ අවසන් කරන්න ඒ.ඩී.බී. ඩො. මිලියන 50ක ණයක් දෙයි


ආසියානු සංවර්ධන බැංකු ණය අරමුදල් මත ක්‍රියාත්මක කරන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (අයි රෝඩ්) යටතේ නිම කළ යුතු ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ.

මුදල් අමාත්‍යාංශය හා ආසියානු සංවර්දන බැංකුව අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම ණය මුදල් ලබාදීමට බැංකුව එකඟතාව පළකර තිබේ.  ඒ අනුව එම ණය මුදල් ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමග ගිවිසුම් ගතවීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

 

 



Recommended Articles