අයි.එම්.එෆ්. මුලින්ම ඩොලර් මිලියන 333ක් දෙයි


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කළ ඇමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න විස්තීර්ණ මූල්‍ය  පහසුකමට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් එහි පළමු වාරිකය ලෙස ඉතාමත් ඉක්මනින් ශ්‍රි ලංකාව වෙත මුදා හරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම මේ වසරේදී එම පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 663ක් ලබාදිමට නියමිතය.

2024 දී ඩොලර් මිලියන 665ක්,

2025 දී ඩොලර් මිලියන 663

2026 දී ඩොලර් මිලියන 662ක්,

2027 දී ඩොලර් මිලියන 329ක් ලෙස සමස්ත මුදල වූ ඩොලර් මිලියන 2982 ශ්‍රි ලංකාව වෙත බෙදා හැරීමට නියමිතව තිබේ.

 

 

 



Recommended Articles