අයි.එම්.එෆ්. ප්‍රධානී එයි


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මෙරට නිල සංචාරයක් සදහා 02/16 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

ඇය සමග දූත පිරිස ලෙස 03 දෙනෙකු ද පැමිණ සිටිති. ඔවුන් 02/16 දින සවස 04.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය එහිදී පිළිගැනීම සදහා   විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා ගෙන පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.මෙම අවස්ථාව ආවරණය කිරීම සදහා මාධ්‍යවේදීන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියද , ඒ සදහා අවසර හිමි නොවීය.



Recommended Articles