අයි.එම්.එෆ්. නියෝජිත පිරිසක් අද දිවයිනට


ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ හත්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (10) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

දිවයිනට පැමිණෙන මෙම නියෝජිත පිරිස ලබන 23 දක්වා මෙරට රැඳීසිටීමින් රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙම පිරිස මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, මුල්‍ය ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.



Recommended Articles