අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ට සහන දෙන්න අගමැතිගෙන් උපදෙස්


අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

ඒ පිළිබඳව මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක මහතා හා දිස්ත්‍රික් ලේකම්වරුන් අතර පවත්වා තිබේ. කලුතර ,ගම්පහ ,ගාල්ල ,රත්නපුර යන දිස්ත්‍රික් ලේකම්වරු සමග පැවති එම සාකච්ඡා දි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සදහන් කර ඇත්තේ ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන ලබාදීමට මහා භාණ්ඩාගාර මෙහයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි .

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දි ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහන මුදල් ලබා දිමට පියවරගන්නා ලෙසයි.



Recommended Articles