අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට දැඩි හානි


ඉකුත් දින කීපය තුළ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැඩිම අලාභානි සිදු වි ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයට බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි .

ඒ අතරින් හන්තාන , සුදුහුම්පොල , මුල්ගම්පොල ආදී ප්‍රදේශවලට විශාලවශයෙන්සිදුව තිබේ . මහනුවර දිස්ත්‍රික්කය තුළ නිවාස 204කට අනතුරු සිදුව ඇති අතරඑම නිවාස වල පදිංචි 875 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි .

අයහපත් කාලගුණික තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් අවදානම් ස්ථානවල පදිංචිකරුවන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි .

ෂේන් සෙනෙවිරත්න 



Recommended Articles