අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද


2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද (22දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පස්වරු 5ට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා පැවැසීය.

2022 මුදල් වර්ෂය සඳහා අයවැය දෙවැනි වර කියැවීම පසුගිය 12 දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදි සිදුකරන ලදී.

ඒ අනුව පසුගිය 13 වැනිදා සිට අද දක්වා දින 7ක් අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්වීය. අයවැය තෙවැනි වර කියැවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාව හෙට (23දා) ආරම්භවීමට නියමිතව තිබේ.

සෙනසුරාදා දිනයන්ද ඇතුළු දින 16ක් එම විවාදය පැවැත්වීමට නියමිතය. ඒ අනුව දෙසැම්බර් 10 දා අයවැය තෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

 



Recommended Articles