අයවැය දෙවන වර කියවිම වැඩි ජන්ද 99කින් සම්මතයි


2021 අයවැය විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මත විය.

මෙහිදී පක්ෂව ජන්ද 151 සහ විපක්ෂව 52 ජන්ද හිමිවිය.

ජන්ද විමසීම සිදුවන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සභාවට නොපැමිණ සිටීම සම්බන්ධයෙන් මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් විමසිය. 

එහිදී කථානායකවරයා කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා තමන්ට අසනීප වීම හේතුවෙන් පැමිණීමට නොහැකි බවට කියා සිටින බවයි.

 



Recommended Articles