අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක්


පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 163ක් රැස් කිරීමට සමත්විය.

කුසල් මෙන්ඩිස් නොදැවි ලකුණු 56ක් රැස් කළ අතර ඒ් වෙනුවෙන් ඔහු පන්දු 43ක් වැය කළේය. ප්‍ර වේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් පන්දු 19කදී ලකුණු 44ක් රැස් කළේය. පැතුම් නිශ්ශංක පන්දු 23කදී ලකුණු 24ක් රැස් කළේය.

කමිදු මෙන්ඩිස්ට පෙරාතුව දුනිත් වෙල්ලාගේ පන්දුවට පහරදීමට පිටියට පිවිසියත් පන්දු 13කදී ඔහු රැස් කළේ ලකුණු 10ක් පමණි.

නායක දසුන් ශානක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවි ගියේය. තරගයට පෙරාතුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පැවැසුවේ පසුගිය කාලයේ පැවැති තණතීරුවල ගැටලු තිබුණ බවත් අයි.සී.සී. තණතීරුවල තමන්ට දක්ෂතා අතරට පැමිණීමට හැකි වෙනු ඇති බවත්ය. 



Recommended Articles