අය-වැය කාර්යාලය මගින් මූල්‍ය පාලනයේ පාර්ලිමේන්තු බලය තහවුරු වනවා


මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ඇතැයි යනුවෙන් ව්‍යවස්ථාවේ ඇති 148 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණ පාන ප්‍රයෝගික ගැටළු නිරාකරණය කර ගැනීමට, පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු අය-වැය කාර්යාලය මගින් පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම්වලට හැකියාව ලැබෙනු ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව කියා සිටියේ 'පාර්ලිමේන්තුවේ අය-වැය කාර්යාල පනත් කෙටුම්පත' දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී 2023.06.20 දින එක්වෙමිනි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය-වැය ගැඹුරින් විශ්ලේෂණය කිරීමටත්, එය හරිමග ගමන් ගන්නේද යන්න සොයා බැලීමටත්, ඇස්තමේන්තු පශ්චාත් පරීක්ෂණයකට භාජනය කිරීමටත්, සංඛ්‍යා ලේඛනවල නිරවද්‍යතාව පරික්ෂා කරගැනීමටත්, මෙම කෙටුම්පත නීතිගතවීමෙන් හැකියාව ලැබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය.

 



Recommended Articles