අමාත්‍යාංශ වියදම්වලින් තවත් සියයට 1ක් කපා හරියි


සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් මෙවර අයවැයෙන් සියලුම අමාත්‍යාංශ වෙත වෙන්කළ මුදල් වලින් සියයට 1ක් කපා හැරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මීට පෙර පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීදී ඒ් ආකාරයෙන්ම සියයට 5ක් කපා දැමීමට තිරණය කෙරිණි. ඒ් අනුව 2023 අයවැය හරහා සියලුම අමාත්‍යාංශ වෙනුවෙන් වෙන්කළ මුදලින් සියයට 6ක් කපා හැරීමට නියමිතය.

 



Recommended Articles