අමාත්‍යංශ 24ක් අපේක්ෂකයින් දෙදෙනෙකුට සහය දක්වනවා


රජයේ අමාත්‍යංශ විසිහතරක් (24) ජනාධිපතිවරණ අපේක්ෂකයින් දෙදෙනෙකුට සහය දක්වමින් සිටින බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිතා කිරීම, රජයේ වාහන මැතිවරණයට යොදා ගැනීම, රාජ්‍ය නිලධාරීන් ස්ථාන මාරු කිරීම පිළිබඳව දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් තිබෙන බවද එම සංගමයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.



Recommended Articles