අමාත්‍ය මණ්ඩල සංදේශයකට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දිනයක්


බලපත්‍ර නොමැතිව අලි ඇතුන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාරදීමට අදාළව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

බුවනෙක අලුවිහාරේ, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම ලබන 12 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ.

පෙත්සම සඳහා වගඋත්තරකරුවන් විසින් විරෝධතා ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දී ඇති අතර එම විරෝධතා අධ්‍යයනය කිරීමෙන් පසුව පෙත්සම සලකාබැලීම සඳහා එලෙස දින නියම කර තිබේ.

 



Recommended Articles