අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුව කල්යයි


සතොස සේවකයන් වෙනත් රාජකාරිවල යෙදවිමෙන් රජයට රු.කෝටි 4කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනාවට එවකට වෙළද අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 4 දක්වා කල් තැබිමට අධිකරණය නියෝග කළේය.

ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවු අවස්ථාවේදිය.



Recommended Articles