අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ආයෝජන සමාගමක් ඉවත්වෙයි


මෙරට පළමු කේබල් කාර් ව්‍යාපාරය වන අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීනය පදනම් කරගත් ඇම්බර් ඇඩ්වෙන්චර්ස් (පුද්ගලික) (Amber Adventures (Pvt) Ltd) සමාගම ඉවත්ව තිබේ.

නියාමන බාධා සහ අත්තනෝමතික රාජ්‍ය ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් ව්‍යාපෘතියෙන් ඉවත් වූ බව සඳහන් වේ.

තාක්ෂණික ආයතනවල අවසරය නොතකා, සමාජ මාධ්‍යවල සංසරණය වන පැමිණිලි මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් ඉදිකිරීම් අත්හිටුවීම ඇතුළු විවිධ  හේතූන් මත ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තීරණය කළ බව එම සමාගම ඊයේ (13දා) ආයෝජන මණ්ඩලයට (BOI) ලිඛිතව දැනුම් දී ඇත.

මෙරට 2022  වසරේ ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී ශ්‍රී ලංකාව, චීනය සහ එක්සත් ජනපදය යන රටවල ආයෝජකයින්ගේ එකමුතුවක් විසින් ලබා ගන්නා ලද මුළු ආයෝජනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 12.75 ක්එම ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට සැලසුම් කර තිබූ බව සමාගම සඳහන් කර තිබේ.

ගිවිසුම යටතේ, රුපියල් බිලියන 5 කට වඩා වටිනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කේබල් කාර් පද්ධතිය වසර 13 කට පසු ශ්‍රී ලංකා රජයට නොමිලේ භාර දීමට නියමිතව තිබුණි.



Recommended Articles