අම්බලන්තොට බැරගම අරවන මුල්ල ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි දිග අඩි 11 ක පමණ හැල කිඹුලෙකු අල්ලා ගැනීමට වනජීවි නිලධාරින් හා ප්‍රදේශවාසින් කටයුතු කර තිබේ .
ඊයේ 17 වනදා රාත්‍රී 10 ට පමණ මෙම හැල කිඹුලා අසල නිවසක් ආසන්නේ සිටියදී ප්‍රදේශවාසින් එක්ව කිඹුලා අල්ලා ගැට ගසා හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්හට දැනුම් දී තිබේ .
අනතුරුව අද (18) හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ කිඹුලා නියමිත පරිදි ගැට ගසා බුන්දල ජාතික උද්‍යානයේ කලපු ප්‍රදේශයට නිදහස් කිරීම සඳහා රැගෙන යන ලදී .ප්‍රදේශවාසින් කියා සිටියේ මිට පෙර මේ අකාරයෙන් කිඹුලෙකු තම ප්‍රදේශයට පැමිණ නොමැති බවයි.
හම්බන්තොට - රාහුල් සමන්ත




