අම්බලන්ගොඩ ධීවර වරාය මුහුදු කෑමට


අම්බලන්ගොඩ ධීවර වරායේ ගල් වැටි උඩින් මුහුදු රළ අද(29) පස්වරුවේ වරාය තුළට හදිසියේ කඩා වැටීමත් සමග ගාල් කර ඇති ධීවර යාතා දැඩි අනතුරකට මුහුණදී ඇතැයි ධීවරෝ කියති.

 මේ තත්ත්වය හමුවේ  ධිවර වරාය කඩා වදින ලොකු රළ පහර සිය ධ්වර යතාවල වදිනුයේ ඒව පෙරලෙන් ළෙසය.තවද මේ නිසා ධීවර වරාය තුළ් ධීවර යාත එකිනෙක ගැටී ඒවාට අලාභහානි සිදුවන බවද ධීවරයෝ කියති.

  ධීවර වරාය තුළ මුහුදු ජලය පිරී දැන් ඒවා ගොඩබිම දෙසට ගලායාමෙන් ගොඩ බිමද මුහුදු ජලයෙන් යටවීමට ද පටන් ගෙන තිබේ.

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත



Recommended Articles