අපවත් වී වදාළ පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ගෙන් පුරප්පාඩු වූ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධුරයට සුදුසු හිමිනමක් පත්කර ගැනීම සඳහා ලබන මාසයේදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් ප්‍රමුඛ විංසත් වාර්ගික මහා කාරක සංඝ සභාව රැස්වීමට නියමිතය.
අස්ගිරි පාර්ශ්වයේ මහා කාරක සංඝ සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ හිමිනමක් එහිදී අනු නායක ධුරය සඳහා පත්කර ගැනීමට නියමිත අතර එම ධුරය සඳහා එක් හිමිනමකට වැඩි පිරිසක් ඉදිරිපත් වුව හොත් විංසත් වාර්ගික මහා කාරක සංඝ සභාවේ බහුතර කැමැත්ත මත නව අනුනායක හිමිනමක් පත් කර ගැනීමට නියමිතය.
අස්ගිරි මහා විහාර පාර්ශ්වය සඳහා අනුනායක පදවි ධුර දෙකක් පවතින අතර එහි එක් පදවියක් පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියන් විසින් හොබවනු ලබයි.