අපේක්ෂා රෝහලට ගුවන් තොටුපළෙන් පරිත්‍යාගයක්


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය තුළ ස්ථාපිත කර තිබූ ආධාර පෙට්ටි තුළ එක්රැස් වී තිබූ රුපියල් 4,338,230 ක මුදලක් මහරගම අපේක්ෂා රෝහල වෙත පරිත්‍යාග කිරීම අද (25දා)  උදෑසන ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
 
මෙම ආධාර පෙට්ටි අද (25දා) උදෑසන 10.00 ට පමණ මාධ්‍යවේදීන් විගනන නිලධාරීන් හමුවේ විවෘත කළ අතර , ඒවායේ තිබූ මෙම මුදල ගනනය කිරීමෙන් පසුව , ඒ සදහා චෙක් පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණි .
 
මෙම අවස්ථාවට මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , එම සමාගමේ උප සභාපති අජිත් මෙන්ඩිස් යන මහත්වරුන් සහභාගී වූහ.


Recommended Articles