අපි හිඟන අලි ගන්නේ නෑ


ආණ්ඩුවට ගන්නේ ශක්තිමත් අලි මිසක් හිඟන අලින් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“මෝටර් සයිකල් එකක් ගන්න කොට හෙල්මට් එකක් ගන්න ඕන. අලියෙක් ගන්න කොට අනිවාර්යයෙන්ම හෙණ්ඩුවක් ගන්න ඕන.

අලියා විතරක් නෙමෙයි හෙණ්ඩුවත් එක්ක ගත්තේ. අලියත් ඉන්නවා හෙණ්ඩුවත් තියෙනවා. තව අලි පෝලිමේ එනවා. එතකොට අලි රෑනම අපි ළඟ. බයවෙන්න එපා. හොඳ අලි.

අලින්ගෙත් වර්ග ඉන්නවා. අර උඩවලවේ ඉන්නවා හිඟන අලි. එහෙම අලි නෙමෙයි. හොඳට කරඬුව අරගෙන යන ශක්තිවන්ත අලි තමයි ගන්නේ. එහෙම අලි තමයි දැන් ඇවිත් ඉන්නේ.

හොඳම අලි ටිකක් ඉන්නවා. තිස්ස අත්තනායක, ඉමිතිසාය් බාකර් මාකර්, තලතා අතුකෝරාල ඔන්න හොඳ අලි ඇතින්නියෝ. හෙණ්ඩුව මෙහෙනම් ගත්තාම මෙල්ල කරගෙන ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. 



Recommended Articles