අපි විශ්වාස කරනවා මේ බහාලුම් වල තිබුණේ ආනයන කරුවන් රේගුවට ප්‍රකාශ කළ භාණ්ඩ පමණයි කියලා


රේගුවෙන් නිදහස් කරනු ලැබූ බහාලුම් 323 සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද(08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළේය.

ලංකාවයට ආනයනය කරන බහාලුම් වලින් 60%ක් නිදහස් කරන්නේ පරික්ෂාවකින් තොරව. 40%ට අඩු ප්‍රමාණයක් තමයි පරික්ෂාවට ලක් කරන්නේ. මේ බහාලුම් වල අඩංගු ද්‍රව්‍ය ගැන කෙටියෙන් කිව්වොත් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය. විශේෂයෙන්ම ප්ලාස්ටික්, රෙදිපිලි, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය වගේ දේවල් මේවගේ තිබුණා. ඒ වගේම නිශ්පාදකයන්ගේ දේශීය නියෝජිතයන් ආනයනය කරන ලද මෝටර් රථ අමතර කොටස්, විදුලි උපකරණ වගේ දේවල් මේකේ තිබුණා. ඒ වගේම සත්ව ආහාර, මැෂින් වර්ග, කඩදාසි, සූර්ය පැනල්, යකට පයිප්ප, වයර්, පොහොර, පලිබෝදනාශක, සිමෙන්ති, දැව වගේ දේවල් තමයි මේ බහාලුම් වල අඩංගු වෙලා තිබුණේ. 

මේ බහාලුම් නිදහස් කිරීමේදී අපි අනුගමනය ක්‍රමවේදය නිසා අපි විශ්වාස කරනවා මේ බහාලුම් වල තිබුණේ ආනයන කරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි කියලා. 



Recommended Articles