අපි ගත්ත ණයට පෙන්වන්න වැඩ කළා - අගමැති


මාර්තු මාසයේ එළඹෙන පළමු වන අවස්ථාවේම පාර්ලිමේන්තුව විසුරුවන ලෙසට ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න ඇමති මණ්ඩලය  බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හාලිඇල ,ඇටම්පිටිය ජලයෝජනා ක්‍රමය විවෘත කරමින් අද  ( 17) අගමැතිවරයා මේ බව   පැවසීය .

එහිදි අදහස් දැක්වු අගමැතිවරයා,

පසුගිය අවුරුදු 5ක් ආණ්ඩුව යටතේ  සිටියා . අපි හිටියේ විපක්ෂයේ . ඒ කාලය තුළ කරපු වැඩක් පිළිබදව අපට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ . පෙන්වන්න තැනක් නැහැ . හැබැයි ණය වෙලා ගාන බැලුවොත් ඒගොල්ල ගිහින්  තියෙන්නේ ලෝකයාටත් රටටත්  මහා විශාල ණය බරක් අපට ඉතුරුකරලා ඒගොල්ල ගිහින් තියෙන්නේ .

අපි ණයගත්තා කිය කියා ඒගොල්ල කිව්වත් අප ගත්ත  ණයට පෙන්වන්න වැඩ තිබුණා. වරාය  හැදුවා.  ගුවන් තොටුපළ  හැදුවා . අධිවේගී මර්ග හැදුවා  අපිට කියන්න හැකියාව තිබුණා .නමුත් පසුගිය රජය ගත්ත ණය ප්‍රමාණය දිහා බැලුවම  මෙන්න මේ වැඩේ කළා කියලා  කියන්න ඔවුන්ට පුළුවන් කමක් නැහැ . මෙවැනි තත්ත්වයක් තමයි රට තුළ තිබුණේ .

ඒ තත්ත්වයේ වෙනස් වීමක් ඇතිවෙලා අපි නැවත  ආණ්ඩුවක් පිහිටවූවා .  ජනාධිපතිවරයෙක් පත්වෙලා තියෙනවා . මං අගමැති උනා . නමුත් අපි පාර්ලිමේන්තුවේ සුලුතරයක් . අපිට ඉන්නේ අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් .  තිබෙන්නේ අඩු ඡන්ද සංඛ්‍යාවක් . පසුගිය රජය කාලේ අපට ඉතුරුකළ මහා ණය මුදල බේරන්න  අපි හෙට පනතක් ගේනවා.  විපක්ෂයට අවශ්‍ය නම්  ඒක  පරද්දන්න පුලුවන් . මොකද අපේ ඉන්න ප්‍රමාණය අඩුයි . හැබැයි මානසික  සතුටක් ලබන්න   එහෙම පටු විදියට හිතුවොත් කල්පනා අපි මෙයාල පරද්දන්න මැතිවරණයට යනවා .

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවා මහ මැතිවරණයට දී  ඉතා ඉක්මනින් ජයග්‍රහණය ලබාගෙන රට ඉදිරියට ගෙනයන්න වැඩ කරන ආණ්ඩුවක් පිහිටුවනවා  .

එය නිදාගන්නා ආණ්ඩුවක් ,වැඩ  නොකර කයිවාරු ගහන ආණ්ඩුවක් හෝ  පළිගන්නා ආණ්ඩුවක් නොවේ.  ඒ කාලේ ආණ්ඩුව මාගේ සිට මාගේ පවුල්වල මැති ඇමතිවරුන්ගෙන් පළිගැනීම දිගටම කරගෙන ගියා .ගම්වල අය ගෙනුත් පළිගත්තා

මෙකේ ප්‍රතිපලය කුමක්ද?

ඒ අය ඒකෙන් කිසිම ප්‍රතිපලයක් ලැබුවේ නැහැ . නමුත් අපි දන්නවා මහ බැංකු මංකොල්ලයක් කලා  එය ඉතිහාසයේ නොතිබූ විරූ විශාල අපරාධයක් .ඒ පිළිබද ඊයේ හාමුදුරුවරු මගෙන් ඇහුවා. මේකට මොකද වෙන්නේ කියල .ඒක නීතිපතිවරයාට යවල තියෙනවා . අවශ්‍ය නීතිමය පියවරගන්න . ඒ ගැනත් සොයාබලා කටයුතු කරනවා යැයිද  අගමැතිතුමා පැවසීය .

බදුල්ල - පාලිත ආරියවංශ



Recommended Articles