විදේශ රටවලට පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ 24 දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් 13 දෙනෙකු සිටින බවය.
මේ වනවිට ඉන් දෙදෙනෙකු මෙරටට ගෙන්වා ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම සියලු අපරාධකරුවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය.

