අපරාධකරුවන්ට දඬුවම් දීමේ බලයක් තිබුණනම් ආණ්ඩු පක්ෂයේ ගොඩක් අය නෑ - අනුර


වංචනිකයන්ට හා අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමේ බලයක් තමන්ට පැවැතියේ නම් අද දිනයේදී ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

"අපිට බලය ආවොත් වංචනිකයන් කවුරුවත් පාර්ලිමේන්තු එන්නේ නෑ. සුදු ඇඳුම ඇන්දට සොරකම් වැහෙන්නේ නෑ. 1989 දේවල් වෙලා තිබෙනවානම් දැන් අවුරුදු 31ක් දඬුවම් දෙන්න තිබුණා. අපිත් කැමතියි දඬුවම් විදින්න.

පරණ මූණු නැගිටින්න එකින් එක කියන්නම්. අලුත් මූණු ගැන වැඩක් නෑ. අලුත් මූණු මතක නෑ.ඉස්සරහ ඉන්නෙත් ආණ්ඩුව පිටිපස්සේ ඉන්නෙත් ආණ්ඩුව ඒක දැනගෙන තමයි නැගිටින්නෙ"



Recommended Articles