අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වල දී 1700කට වැඩි පිරිසක් අත්අඩංගුවට


ගත වූ පැය 24 ක කාලය තුළ දිවයින පුරා අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වල දී 1700කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇ​ත.

පසුගිය පළමුවන දා මධ්‍යම රාත්‍රී 12.00 සිට ඊයේ (02) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පොලිස් ස්ථාන මඟින් සිදුකළ මෙම වැටලීම්වල දී මත්ද්‍රව්‍ය, අවි ආයුධ හා නීති විරෝධී මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 789 දෙනෙකු අත්අඩංගුවට ගත් ගෙන ඇ​ත.

එම කාලය තුළ දී වරෙන්තුකරුවන් 306 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ වැරදි සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 638 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.



Recommended Articles