අනූජන් ගැන විදේශ අමාත්‍යාංශයේ දැඩි අවධානය


සෞදි අරාබි රාජධානියේදී දැනට අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අනුජන් සිවරාසා මහතාගේ නඩු කටයුත්ත පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවෙන බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සහ කොළඹ පිහිටි සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව, මෙම නඩුවේ වර්ධනයන් පිළිබඳව අමාත්‍යාංශය අඛණ්ඩව සොයා බලමින් සිටිින බවද අමාත්‍යාංශය පවසයි.

අදාළ සෞදි බලධාරීන් සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අඛණ්ඩව කටයුතු කරන අමාත්‍යාංශය, අනුජන් සිවරාසා මහතාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ඔහුට හැකි සෑම සහයක්ම ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිින බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. 



Recommended Articles