අනුරාධපුරයට ජල බෝතල් ගේන්න


අනුරාධපුරයට ජල බෝතල් රැගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවත් බිය විය යුතු නියං තත්ත්වයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නෙමැති බවත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි.‍ 

දැනට ඇතිව පවතින නියං තත්ත්වය සැළකිල්ලට ගෙන මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳ පැහැදිළි කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවැසීය.

"මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයට සැළකිය යුතු නියං තත්ත්වයක් පවතිනවා.නමුත් ආපදා සහන ලබා දෙන්න තරම් ආපදාවට දිස්ත්‍රික්කයේ කිසිඳු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් පත් වෙලා නැහැ. වි‍ශේෂයෙන්ම මං ඉල්ලා සිටින්නේ ප්ලාස්ටික් ජල බෝතල් රැගෙන එන්න එපා.මොකද ජල බෝතල් වලින් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බැහැ.

අපි මෙම නියං තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය සොයා බැලීම් සිදු කරමින් පවතිනවා. තවදුරටත් මෙම නියං තත්ත්වය පැවතුණහොත් අවදානම් තත්ත්වයේ පවතින කොට්ඨාශ 11ක් තියෙනවා. වි‍‍‍ශේෂයෙන්ම අවශය වෙන්නේ මිහින්තලය හා විලච්චිය ප්‍රදේශ අවදානම්සහගත බව වැඩිපුර තියෙන ප්‍රදේශ විදිහට අදුනගෙන තිබෙනවා.

මේ ප්‍රදේශ වල ජල මූළාශ්‍ර වල තත්ත්වයන් පිළිබඳ අපි සොය බැලීමක් කරා.අද උදෑසන වන විටත් අප ලබා ගත් තොරතුරු අනුව අක්‍රීය මට්ටමේ පවතින ආර්.ඕ ප්ලානට්ස් 21ක් පමණ තියෙනවා.ඒවා ප්‍රතිසංස්කරණය කර ගන්න අවශ්‍ය සහයෝගය ලබා දුනහොත් කිසියම් සංවිධානයක් හෝ අයාතනයක් ඉදිරිපත් වෙනවානම් අපිට පුළුවන් අදාළ මැදිහහත් කිරීම සිදු කරලා ඉදිරි කාලයේ දී අවශය කරනු ලබන පානීය ජල අවශ්‍යතාවය සිදු කර ගන්න.

ඒ වගේම නළ ලිං ප්‍රතිසංස්කරණය කිරීමට අපි අවධානය යොමු කරා දිස්ත්‍රික්කය පුරා පවතින නළ ලිං ප්‍රතිසංස්කරණය සඳහා අපිට යුධ හමුදාවේ සහයෝගය ලබා දෙන්න යුධ හමුදාපතිතුමා සමග සාකච්චා කරලා දැන් ඒ සඳහා අවශය කටයුතු සිදු කර තිබනෙවා.
හදිසි අවශ්‍යාතවයක් මතු වුහොතච් අපේ අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වෙත 025 2234817 අංකයෙන් හෝ 0778957881 අංකයෙන් අනුරාධපුර දිස්ත්‍රික් සහකාර ආපදා කළමණාකරන නිළධාරීතුමන් සම්බ්න්ධ කර ගන්න පුළුවන්." යැයි පැවසීය.



Recommended Articles