ඓතිහාසික රුවන්වැලි සෑ දොරටුව අභියස දන්සල් ඉඩමේ පැවැති මාරාන්තික උපවාසයට අසලට ආ භික්ෂූන් වහන්සේ පිරිසක් සහ උපවාසයේ යෙදී සිටින බලංගොඩ කස්සප ඇතුළු භික්ෂූන් වහන්සේලා අතර අද ගැටුමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. බලංගොඩ කස්සල හිමි අසලට ආ රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු පිරිසක් අතර මෙම ගැටුම ඇති ව තිබේ. පහර කෑමට ලක් වූ රාජංගනේ සද්ධාරතන හිමි තුවාල ලබා රෝහල් ගත කර ඇත.


