අනුරාධපුර බන්ධනාගාරයේ ‌වෙඩි තැබිමෙන් තවත් රැඳවියෙක් ජිවිතක්ෂයට


අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමෙන් තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ  (21) දින සවස් කාලයේ අනුරාධපුර බන්ධනාගාරය තුළ රැඳී සිටි රැඳවියන් විසින් සිදුකරන ලද විරෝධතාවයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් එය පාලනය කිරීමට යෑමේ දී නොසන්සුන් තත්ත්වයක් හට‍ ගත් බව පොලීසිය පවසයි.

ඒ අවස්ථාවේ දී බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් ඉන් මිදී පළා  යෑමට උත්සහ කර ඇති අතර එය වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් ‍රැඳවියන් 5 දෙනෙක් තුවාල ලබා ‍අනුරාධපුර රෝහලට ඇතුළත් කර  පසුව එම රැඳවියන් අතරින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය හේතුවෙන් රැඳවියන් කිසිවෙක් බන්ධානාගාරයෙන් පැන ‍ගොස් නොමැති බව පොලීසිය පවසයි.

 



Recommended Articles